මේ වනවිට විදුලි ඒකකයක් පාඩු ලබමින් ජනතාවට ලබා දුන්නත් විදුලි බිල කිසි ආකාරයකින් ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ගෙවී ගිය වසර තුනහමාරක කාලය තුළ ගාස්තු සංශෝධනයක් සිදු නොවූ පාරිභෝගික සේවාව විදුලි සේවාව බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ ගියත් විදුලි බිල එලෙසම පවත්වාගෙන ආ බවත් ඉදිරි අයවැයෙන් පවා විදුලි බිල ඉහළ දැමීමක් සිදු නොවන බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ පාඩුලබමින් ජනතාවට සහන මිලට විදුලිය ලබාදීම බවත් මේ නිසා රුපියල් 20යි ශත 20ක් වියදම් වන විදුලි ඒකකයක් පොදුවේ අලෙවි කරන ලබන්නේ රුපියල් 16ක මුදලකට බවද පවසා සිටියේය.
මේ දිනවල ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන බවත් ඒ හරහා රුපියල් බිලියන 20ක සහනයක් මණ්ඩලයට ලැබෙන බවද සඳහන් කළේය.