මේ වන විට පවතින විදුලි කප්පාදුව බදාදා (10දා) සිට අවසන් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
පෞද්ගලික අංශයේ මෙගාවොට් 100කට අධික හදිසි විදුලිය මිලදී ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී අවසන් අදිරයට පැමිණීමට නියමිතව ඇති අතර ඒ අනුව මෙසේ විදුලි කප්පාදුව අවසන් කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් පවතින වියළි කාලගුණය හේතුවෙන් තවදුරටත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යාංශය ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව දිනකට අවම වශයෙන් විදුලි පහන් දෙකක්වත් නිමා දමන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.