වර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව මේ හරහා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කමිටුව මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක, මහා මාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු ඇතුළත් වෙති.
මේ කමිටුව පත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය රවී කරුණනායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.