පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (14) දිනයේ දී අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ඉල්ලීම පිළිබඳ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට ඊයේ දිනයේ දැනුම්දුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
සියලුම විශ්විද්‍යාලවල උපකුලපතිවරුන් අදාළ ඉල්ලීම සඳහා යහපත් ප්‍රතිචාර පළකර ඇති බව ද ඒ මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, ගාල්ල, කොළඹ, යාපනය සහ පේරාදෙණිය වෛද්‍ය පීඨවල පී.සීආර් පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.