"ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන" හා සමගාමීව, පසුගිය අවුරුදු කිහිපය පුරාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍යවරුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍යවරුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් ඔවුන් විසින් දියත් කරන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් පිලිබඳ විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් එම දේශීය වෛද්‍යවරුන් සමග පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.