තලවකැලේ, ලිඳුල, බඹරකැලේ වතුයායේ වතු ලයිම් නිවාස පේළියක ඊයේ (10) රාත්‍රියේ ඇතිවු ගිනි ගැනීමකින් වතු නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
ගිණි ගැනීමට ලක්වු වතු නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 70 කු අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දැනට තාවකාලිකව නවතාලීමට පියවර ගෙන තිබේ.
ගිනි ගැනීමට ලක්වු වතු නිවාස සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර, එම නිවාසයන්ගේ තිබු වතු කම්කරුවන් සතු ගෘහ උපකරණ, ළමුන්ගේ පාසල් පොත් හා උපකරණ, වටිනා ලියකියවිලි ඇතුළු දේපල සියල්ලම විනාශයට පත්ව ගොස් තිබිණි.
වතු කම්කරු නිවාස පේළියේ එක් නිවසක ඇතිව තිබු ගින්න අනෙකුත් වතු නිවාසවලටද ගින්න පැතිරී ගොස් ඇති බවත්, ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
හැටන් රංජිත් රාජපක්ෂ/ශාන් හුලංනුගේ
