වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් වැලිසර සතොස ගබඩා සංකීර්ණයේ වැඩකළ පුද්ගලයින් 13 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් බව ඊයේ දින (27දා) තහවුරු වූ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
සතොස ගබඩා සංකිර්ණයේ එක් නාට්ටාමිවරයෙකු ඉකුත් දින කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමිපතම ආශ්‍රිතයින් 13 දෙනෙකු අහඹු පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර සිටි බව වරුණ අමරසේකර මහතා පවසා සිටියේය.
හඳුනාගෙන ඇති රෝගීන් 13 දෙනාගෙන් 07 ක් වත්තල ප්‍රදේශයේත්, 05 කොළඹ දිස්ත්‍රික්කයේත්, 1 කිබුලාපිටිය ප්‍රදේශයෙන්ද වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.
ජාඇල තිස්ස කොටින්කඩුව-වත්තල සරත් චින්තන