වත්තල හා ජා ඇළ ප්‍රදේශවල නල ජලයට වස මිශ්‍රවී ඇති බවට වාර්තාවන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
නල ජලය පැයෙන් පැයට පරීක්ෂා කරන බවට එම මණ්ඩලය සඳහන් කරයි.
නල ජලයට කිසි ලෙසකින්වත් වසවිෂ එකතු කළ නොහැකි බවද එම මණ්ඩලය සඳහන් කරයි.
පොලීසියද මෙම ප්‍රකාශ අසත්‍ය බව නිවේදනය කළේය.