වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද දින (14 කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වුන රෝගින් 18 සමග මේ වන විට වත්තල සමස්ත පුද්ගලයින් 721 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවට වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
අද දින වාර්තා වුණ ආසාදිතයන් 18 දෙනා මීට දින දෙකකට ඉහත කල පිසිආර් පරික්ෂණයක ප්‍රථිපල අනුව වාර්තා වි ඇති බවද ඔහු පවසයි.
වාර්තා වි ආසාදිතයන් අතරින් බහුතරයක් රෝගින් වාර්තා වි ඇත්තේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ හැදල, කෙරවලපිටිය, දික්ඔ්විට, පමුණුගම ප්‍රදේශ වලින් සහ වත්තල මාබෝල නගර සභා සිමාව තුලින් බවද වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
ඉකුත් දින කොරෝනා පොකුරක් බිහිකල වත්තල හැදල සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය කරන කමිහලේ තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවද අමරසේකර මහතා කියයි.