පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල වෘත්තිකයින් ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද ඇතුළු කුලි රථ හිමියන්ට අවසර දි ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එලෙස වෘත්තිකයින් ප්‍රවාහනය කර පැමිණෙන කුලි රථ පරික්ෂා කිරිමක් සිදු කෙරෙන බවයි.
එවැනි අවස්ථාවකදි ඔවුන්ට ක්ෂණිකවම ඇදිරි නීති කඩ කිරිම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමක් සිදු නොවන බවත් නමුත් කුලි රථ රියදුරන් නීත්‍යානුකුල ලෙස අවසර දි ඇති කාර්යයක් සේවකයින් ප්‍රවාහනය කර පැමිණෙන්නේද යන්න සම්බන්ධයෙන් එම අවස්ථාවේම සොයා බලන බවත් සඳහන් කළේය.