දීපාවලී උත්සවය නිමිත්තෙන් උඩරට වතුකරයේ නගර හා උප නගරවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. දීපාවලී උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පැමිණෙන වතුකම්කරු ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙසේ විශේෂ පොලිස් ආරක්ෂාවක් වතුකරයේ නගරවලට යොදවා ඇතැයි පොලීසිය පවසයි.
නගරවලට පැමිණෙන ජනතාව හා රථවාහන හැසරවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවත් ජනතාවට සිදුවෙන විවිධ අකටයුතුකම් මැඬලීමේ අරමුණින් සෑම නගරයකටම සිවිල් ඇදුමෙන් සැරසුණ පොලිස් නිලධාරීන්ද යොදවා ඇතැයි පොලීසිය කියයි.
ශාන් හුලංනුගේ