අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ මස (11) දින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත් , (12) දින අපොස උසස් පෙළ විභාගයත් පැවැත්විමට තිරණය කිරිමත් සමග වතුකරයේ එම විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන විෂබිජහරණයට ලක් කිරිම අද (09) දින සිදු කෙරිණ.
හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම විභාග මධ්‍යස්ථාන විෂබිජහරණය සිදු කල අතර , විභාග පැවැත්වෙන සැම දිනයකම විෂබිජහරණය සිදු කරන බවත් , විභාගය සදහා පැමිණෙන සියලුම සිසු සිසුවියන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් වලට අනුකුලව විභාග මධ්‍යස්ථාන වෙත ඇතුලත් කිරිමට පියවර ගැනිමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.