තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය කොලපතන ප්රදේශයේ වතු කම්කරුවෝ අද (24) දහවල් උද්ඝෝෂනයක නියැලුණා.
කොලපතන වතුයායේ වතු කම්කරුවන් විරෝධතා පුවරු අතතිව නාවලපිටිය කොලපතන මංසන්ධිය වෙත පැමිණි වතු කම්කරුවන් කියා සිටියේ රටේ පවතින ජිවන වියදම අනුව තම මුලික වැටුප රු 530 සිට රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් කටයුතු කල යුතු බවයි.
තම වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමයත් වතු එකාබද්ධ වෘත්තීය සමිතියත් රජයේ පාර්ශවයත් අවස්ථා ගණනාවකදි සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් තම වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණ නොමැති බවයි.
සියළුම පාර්ශවයන් එක් වි තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට කටයුතු කල යුතු බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 625 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු සමාගම් විසින් වතු එකාබද්ධ වෘත්තීය සහ රජය වෙත ඉදිරිපත් කර තිබේ.
එම යේජනාවට වතු එකාබද්ධ වාත්තිය සමිති එකගතාවය පල නොකිරිමේ හේතුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම ප්රමාද වි තිබේ.