තම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්තේ වතුකම්කරුවන් පිරිසක් අද (06) විරෝධතාවයක නිරත වුහ.
වෙනත් රැකියාවල නිරත පිරිස්වලට ලැබෙන සේ තමන්ටද ජීවත්වීමට සරිලන ලෙස දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කොට දෙන්නැයි විරෝධතාවයේ නියලී සිටි පිරිස් රජයෙන් හා වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව මෙහෙදී පැවැසීය.
ඩෙල්ටා තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස් වු පිරිස් මෙසේ විරෝධතාවයේ යෙදිණි.
ශාන් හුලංනුගේ