වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25දා) එකඟතාවකට පැමිණියේය.
ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතය. මීට අමතරව තවත්රු පියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය.
වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩිකිරීමට ද වැවලි සමාගම් එකඟ වී තිබේ.
නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අ-ස්සන් කිරිමට නියමිතය.