වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන 7.00 සිට ආරම්භ කරන බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
මේ අනුව තෝරාගත් වතුවල උදෑසන 7.00 සිට වැඩවර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රට පුරා ස්ථාන 27ක විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් එම ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
සියලුම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගි වන ප්‍රධාන විරෝධතාව කොළඹ නගරයේදී ආරම්භ වන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම ක්‍රියාමාර්ගවලට සහයෝගයක් වශයෙන් රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග, සබරගමුව, රජරට, කැලණිය, වයඹ, පේරාදෙණිය යන විශ්වවිද්‍යාල ඉදිරිපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විරෝධතා පවත්වන බවද ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල 08ක් ඉදිරිපිට සිදුකරන විරෝධතාවලට අමතරව කොළඹදී පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවටද විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍යයන් සහභාගි වීමට නියමිත බවද ඔහු පවසා සිටියේය. මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වීමට බලධාරීන් ක්‍රියා නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.