වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන මන්ත්‍රීවරුන් සදහා රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කිරීමට හැකි වන පරිදි නීති සම්පාදනය කල යුතු බවත් එසේ නොකළහොත් කිසිවෙකු හොරකම් නොකර සිටිවී යැයි විශ්වාස කල නොහැකි බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
අද (23) මාතරදි ඔහු මේ බව පැවසීය,
කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර නගරාධිපතිවරයා වරදක් කර තිබේ නම් නිසැකයෙන්ම ඔහුට දඩුවම් නියම වන බවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය,
දිනේෂ් ගුණවර්ධන මහතා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කමිටු වාර්තාවක් ඉදිරිපත් කළා. එහි 30% ක් සමානුපාතික ක්‍රමය යටතේත් 70% ක් කොට්ඨාස ක්‍රමය යටතෙත් තෝරා පත් කර ගැනීමට යෝජනා කර තිබෙනවා. ඉදිරි මැතිවරණයෙන් පස්සේ මෙම ක්‍රමය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය යටතේ දුප්පත් සැබෑ ජනතාවාදී අයෙකුට මන්ත්‍රීවරයෙක් වෙන්න අමාරුයි.
මැතිවරණයට ඉදිරිපත් වන අය ජුනි 30ට කලින් වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනෑ. නොදුන්නොත් දඩය රුපියල් 1,000/- යි. මේ මුදල රුපියල් ලක්ෂ දහයක් වත් වෙන්න ඕනෑ. දියවන්නාවට සුදු ඇදගෙන යන අය වෙනුවෙන් මේ නීති සම්පාදනය කර යුතුයි. එසේ නොවුණහොත් කිසිවෙකු සොරකම් නොකර සිටිවී යැයි විශ්වාස කල නොහැකියි.
කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වෙලා තිබෙනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් නීතිය කාටත් සමානයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නීතියට බලපෑම් කරන්නේ නැහැ. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයා වරදක් කර තිබේනම් නිසැකයෙන්ම ඔහුට දඩුවම් නියම වේවි යැයි ද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළේය.