රාගල පොලිස් වසමට අයත් රාගල වතුයායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
අද දින අලුයම 3 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවත්, පැතිර ගිය ගින්න එම වතු යායේ වතු කම්කරුවන් , රාගල පොලිසියේ නිලධාරින්,නුවරඑලිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව නිවා දැමිමට සමත් වි ඇත.
පැතිර ගිය ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පවුල් 14කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත් ,එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවට සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
ගින්න හටගන්නා අවස්තාවේ නිවාස වල කිසිවෙක් නොසිටි බවත්, එම නිවාස වල පදිංචිකරුවන් (11) දින මහ ශිවරාත්‍රි දිනය හේතුවෙන් එම වතු යායේ කොවිලේ පැවති ශිව රාත්‍රි පුජාවන් වලට සහභාගි වි සිටි බවයි රාගල පොලිසිය කියා සිටියේ.
ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ගින්නෙන් විනාශ වි ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ.
ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්නෙන් අවතැන් වු වතු කම්කරු පවුල් සදහා වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , වතු පාලන අධිකාරිය සහ රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක්ව අවශ්‍යය මුලික පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.
ගින්න සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.