වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් මැදිහත් වී කටයුතු කරන බව ශ්රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (25දා) පෙරවරුවේ හපුතලේ ප්රදේශයේ පැවති හමුවක් අමතමින් අග්රාමාත්යවරයා සඳහන් කළේ මේ වන විටත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා වට දෙකක් සාර්ථකව පවත්වා ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් නැවතත් වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා කොට ඊට අදාළ කටයුතු සිදු කරන බව අග්රාමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.