වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් දක්වා වැඩි කිරිමට වතු සමාගම් එකග වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බි.දිසානායක මහතා පවසයි.
එස්.බි.දිසානායක මහතා ඒ බැව් කියාසිටියේ හැටන් ඇබොස්ලි වතුයායේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකට සහභාගි වෙමිණි.
මෙම රැස්විමේදි අදහස් දැක්වු එස්.බි දිසානායක මහතා ,
වතුකරයේ ඔබලාට ගොඩාක් ප්‍රශ්න තියෙනවා . පසුගිය ජනාධිපතිවරණයේදි දමිල ජන්ද එතරම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණේ නැති වුවත් එතුමා ඔබ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න සුදානම් වෙලා ඉන්නවා.
එතුමා ඔබලාගේ දිනක වැටුප රු දහස සම්බන්ධයෙන් වතු සමාගම් සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කලා. වතු සමාගම් එකඟ කර ගත්තා රු දහස ලබා දෙන්න. කොරොනා නිසා ඒක පරක්කු වුණත් , එතුමා ඉක්මනින් රු දහස ලබා දිමට කටයුතු කරයි.
වතුකරයේ පාසල් වල තත්ත්වය ආපසු නරක අතට ගිහින් . මම වසර 14 කට පසුව තමයි මේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඉන්නේ. මගේ මුලින් අරමුණ තමයි සිංහල පාසල් මෙන්ම වතුකරයේ පාසල් දියුණු කිරිම. මම ඉගෙන ගත්ත දමිල තරුණ තරුණියන්ට සමෘද්ධි පත්විම් ලබා දුන්නා. දමිල පාසල් වල උගන්වන්නත් දැම්මා.
ඊට පස්සේ වතුකරයට රැකියා දුන්නේ නැ මම හිතන්නේ. ජනාධිපතිතුමා සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා දෙන්න සම්මුඛ පරික්ෂණ තිබ්බා. වතුකරයේ ගොඩාක් ළමයි ඒකට ඉල්ලුම් කරලා නැ . අපි කියන්නේ සුදුසුකම් තියෙන වතුකරයේ දරුවන් ඒකට ඉල්ලුම් කරන්න.
සමාන්‍ය පෙළ , උසස්පෙළ සමත් දරුවන්ට ආණ්ඩුව හදපු ගමන් රැකියා අවස්ථා දෙනවා. වතුකරයේ හිස් ඉඩම් අක්කර දෙක ගානේ කිරි නිෂ්පාදනය කරන වතුකරයේ ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා. එලදෙණුන් ඔබලට ලබා දෙනවා. ජනාධිපතිවරයා සිතනවා ලංකාව අවශ්‍ය දියර කිරි ඔබලා හරහා නිෂ්පාදනය කරන්න.
පසුගිය ආණ්ඩුවෙන් වතුකරයේ පාරවල් කිසිවක් හැදුවේ නැ. අපි වතුකරයේ සියලුම පාරවල් කාපට් කරන්න භාර දිලා ඉවරයි. ජනාධිපතිවරයව විශ්වාස කරන්න . අපි විශ්වාස කරන්න ඔබලාට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැ