වතු අධිකාරිවරුන්ට පහර දිම් හෙලා දකිමින් පහර දිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරිමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් වතු අධිකාරිවරුන් පිරිසක් කළු කොඩි පැළද සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද දින උදැසන නිහඩ විරෝධතාවයක නිරත විය.
ශ්‍රි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමය සහ වැවිලිකරුවන්ගේ සංගමය විසින් මෙම නිහඩ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.
වතු කම්කරුවන්ගේ රු දහසක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිති වල ඉල්ලිමක් මත පසුගිය මාසයේ වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවති බවත්, එහිදි මස්කෙලිය පොලිස් වසමට අයත් ඕල්ටන් වත්තේ වතු අධිකාරි සුභාෂ් නරායන් සහ සහකාර වතු අධිකාරි අනුෂාන් තිරු යන මහතුන්ට වතු බංගලාවට ගොස් අමානුෂික ලෙස පහර දි ගොම වතුරින් නවා තුවාල සිදු කිරිම නිසා එම වතු අධිකාරිවරුන් දෙදෙනා දැනට පෞද්ගලික රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරුන් කියා සිටිති.
නුවරඑලිය කදපොල පාක් වත්තේ වතු අධිකාරිවරයාටත්,සහකාර වතු අධිකාරිවරයාටත්, බණ්ඩාරවෙල පුනාගල වතුයායේ වතු අධිකාරිවරයාටත් මෙවැනිම තර්ජනය ඇති වු බවත්, වතු පාලනය කරන වතු අධිකාරිවරුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර වතු කරයේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව වතු පාලනය කරගෙන යාමට වතු වෘත්තිය සමිති සහතිකයක් ලබාදිය යුතු බව විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරුන් කියා සිටිති.
තේ වතුවල තුන්දහසක් හාරදහසක පමණ වතු කම්කරුවන් පිරිසක් පාලනය කරමින් මේ රටේ තේ ආර්ථිකයට විශාල දයකත්වයක් ලබාදිමට කටයුතු කරන වතු අධිකාරිවරුන්ට දේශාපලඥයන්ගෙන් සහ වතු කම්කරුවන්ගෙන් මෙවැනි බලපැම් සිදු කිරිම තුලින් තේ ආර්ථිකය කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බවද විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරුන් පැවසිය.
තේ වතු සමාගම් 23 කට අයත් වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගි වි සිටිහ.
මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දි තුවාල සිදු කිරිමට සම්බන්ධ වතු කම්කරු කාන්තාවන් 07 සහ වතු කම්කරුවන් 03 මස්කෙලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.
මෙම විරෝධතාවයට සහයෝගය දක්වා ඇතැම් වතු වල වතු පාලන අධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලා ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කර තිබුණි.