ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින බවත්, ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානමක පසුවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
තරුණ තරුණියන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව වැලඳීමේ අවදානමක පසුවන බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.
රට තුළ සිදුවන මරණවලින් 07%ක් දියවැඩියාව නිසා සිදුවන මරණ බවටද හඳුනාගෙන තිබෙන බවද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
දියවැඩියාව ඇතිවීමට හේතු ගණනාවක් තිබෙන බවත්, එය ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට ජාතිකව හා අන්තර්ජාතිකව පත්ව තිබෙන බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.
ලෝක දියවැඩියා දිනය මේ මස 14 වැනිදිනට යෙදී තිබෙන අතර, එහි තේමාව වී තිබෙන්නේ 'දියවැඩියාව සහ පවුල' යන්නයි.