2020 මාර්තු මාසයට අදාළ වැඩිහිට හා රෝගාධාර ග්රාම නිලධාරීන් මගීන් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ප්රදේශයේ ග්රාමනිලධාරී සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් රජය නිවේදනය කරයි.
මෙහිදී ග්රාම නිලධාරී හමුවීමට පෙර වේලාවක් වෙන්කර ගත යුතු බවද රජය පවසයි.
කොවිඩ් 19 රෝගයෙන් දැඩි බලපෑමට ලක්වීමේ වැඩි සම්භාවිතාවක ඇති වැඩිහිටි හා රෝගී පිරිස් විශාල වශයෙන් ඒකරාශී වීමෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්වය යම් තරමක් හෝ පාලනය කිරිමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කර තිබෙන බව රජය නිවේදනය කරයි.