දිනක් තුළ තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20ද) වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදී මරණ 38ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1089ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.