ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කර තිබේ. ජනපති අද දිනයේදි චින සංචාරයකට එක්වූ අතර ඔහු නැවතත් 15 දා දිවයිනට පැමිණීමට නියමිතය. එතෙක් වැඩබලන ආරක්ෂක ඇමති ලෙස රුවන් විජයවර්ධන මහතා කටයුතු කිරීමට නියමිතය.