වඩුක්කෝට්ටේ, කුඩාගනේ ප්‍ර දේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රී 10.30ට පමණ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ. මරණකරුවන් අවුරුදු 34ක් හා 56ක් වන සුලිපුරම් මධ්‍යම, කුඩාගනේ පදිංචිකරුවන් වෙයි.
දෙපිරිසක් අතර කලක සිට පැවැති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතන සිදුවී ඇති බවට සැකකරයි. මෙම ආරවුල සඳහා පුද්ගලයන් 15ක් පමණ පැමිණ ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.