බලපත්‍රයක් නොමැතිව මත්පැන් බෝතල් 928 ක් ළග තබාගත් සැකකරුවෙකු හැටන් පොලිසිය විසින් ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රු ලක්ෂයක දඩ මුදලක් සහ වසරක සිර දඩුවම් නියම කර එය වසර 25 කට අත්හිටවනු ලැබුහ.
මෙසේ දඩ මුදල් සහ අත්හිටවු සිර දඩුවම් නියම කරනු ලැබුවේ දික්ඔය දරවල වත්තේ පදිංචි සුබ්‍රමණියම් ප්රියනේෂන් නැමති 41 හැවිරිදි අයෙකුටයි.
හැටන් පොලිස් වසමට අයත් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ළදු කැලැවක මෙරට නිෂ්පාදනය කරන රජයේ අනුමත මිලිලිටර් 180 මත්පැන් බෝතල් 867 ක් , මිලිලිටර් 750 මත්පැන් බෝතල් 61 ක් හැටන් පොලිසිය විසින් (03) දින පස්වරුවේ සැකකරු සමග අත්අඩංගුවට ගනු ලැබුහ.
මැතිවරණ සමයේ මත්පැන් අලෙවිසැල් වසා දමන නිසා වතු කම්කරුවන්ට අධික මිලකට මත්පැන් අලෙවි කිරිම සදහා චුදිත විසින් මත්පැන් බෝතල් තොගය ඉතා රහසිගතව ළදු කැලැවේ සගවා තිබු බවටයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.