ඇඳිරි නීතිය ක්රියාත්මක සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ දිවයිනේ ප්රධානම අන්තර්ජලාය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවියකට සම්බන්ධ කාර්යාලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
වෙබ් අඩවිය හරහා ටින් මාලු එකක් රුපියල් 550කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 500කට, පරිප්පු කිලෝවක් රුපියල් 180ට හා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 350ට අලෙවි කර තිබේ.
මෙහිදී පාරිභෝගිකයන්ගෙන් අයකළ වැඩි මුදල් නැවත ඔවුන් වෙත ගෙවීමට වෙි අඩවිය එකඟ වී ඇති අතර සමාගමට විරුද්ධව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය පවසයි.