හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු තවත් ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 18 දෙනෙකු සහ එම සේවිකාවන්ගේ ළගම ආශ්‍රිතයන් 13 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාමදේවන් මහතා පැවසිය.
එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර , එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 600 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද කාමදේවන් මහතා පැවසිය.
ඇගළුම් කර්මාන්ත ශාලාව තවදුරටත් තාවකාලිකව වසා දැමිමටත් , වටවල ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවකයින් 50 දෙනෙකු සහ ඔවුන්ගේ කොවිඩ් 19 වෛරසය ළගම ආශ්‍රිතයන් 13 දෙනෙකු හමු වි ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
(27) දින හදුනාගත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් වැඩි පිරිසක් වටවල මවුන්ජින් සහ හයිඩ්‍රි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් , තවත් පිරිසක් බගවන්තලාව මහජන සෞඛ්‍ය නිලධාරි බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය අසාදනයවු සේවක සේවිකාවන් 18 දෙනා සහ කොවිඩ් 19 අසාදිත ළගම ආශ්‍රිතයන් 13 අතරින් කිහිප දෙනෙකු (27) දින නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බවත් , අනෙකුත් අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.