හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අද දින උදැසන සිට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකදි එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ 28 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ (24) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවිකාවන් හය දෙනෙක් සහ සේවකයින් සිව් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 451 දෙනෙකු (25) දින ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට භාජනය කර ඇත.
එම පරික්ෂාවේදි සේවිකාවන් 21දෙනෙකුට සහ සේවකයින් 7 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවක සේවිකාවන් එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සිටම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.
කොවිඩ් 19 වෛරසය අසාදිත අසාදිතයන්ගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට නියමිතය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල පදිංචිකරුවන් බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.