වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය එක් වි තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුප ප්රමාණවත් නොවන බව පවසමින් බගවන්තලාව ප්රදේශයේ වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව හැටන් ප්රධාන මාර්ගයේ පැය 5ක කාලයක් අවහිර කරමින් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.
හැටන් බගවන්තලාව බලන්ගොඩ ප්රධාන මාර්ගයේ බගවන්තලාව නගරයට ආසන්නව පිහිටි ප්රධාන පාලම සෙවිලි තහඩු යොදා අවහිර කර ප්රධාන මාර්ගයේ වාඩිවි අද (27) උදෑසන 7.30 සිට පස්වරු 12.30 දක්වා පැය පහක පමණ කාලයක් මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දක්වනු ලැබුවා.
විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ දේශපාලනඥයින් තමන්ට රු 1000ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් රු 700ක මුලික වැටුපක් ලබාදි ඇති බවත්, එම වැටුප් වර්ධකයට මිට ඉහත ගෙවු රු 140ක දිරි ගැන්විමේ දිමනාව තමන්ට මෙවර ලැබි නොමැති බවයි.
පැය 5ක පමණ කාලයක් සිය විරෝධය දැක්වු වතු කම්කරුවන් පස්වරු 1ට පමණ සිය විරෝධය අවසන් කරමින් කියා සිටියේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත නව අවබෝධතා ගිවිසුමට අත්සන් නොකරන ලෙසයි.
මෙම විරෝධතාවය හේතුවෙන් බගවන්තලාව ප්රදේශයට අමතර පොලිස් බලඇණි සහ පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා තිබුණි.