(UPDATE) රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහර තිබේ.
ඔහු කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර කොළඹ මහේස්ත්රාත්වරයා රෝහලට පැමිණ ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙසේ ඇප මත නිදහස් කර තිබේ.
සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 4ක් ජාතික රෝහලේ ප්රතිකාර ලබන අතර රඛිත රාජපක්ෂ මහතාද කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
රඛිත රාජපක්ෂ මහතා අද (19දා) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
VIDEO