පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කළ චෝදනා අසත්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඇය ප්‍රකාශයක් කරමින් පවසන්නේ අසත්‍ය චෝදනාත් සමගින් මඩ ගැසීම් ආරම්භ කර ඇති බවයි.
එසේම බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා කරන්නේ රජය දුර්වල කිරීමට බවත් ඇය පැවැසීය.
“රට ඇතුළේ ප්‍රශ්න නිර්මාණය කරන්න. ඊටත් එහාට ගිහින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කරලා අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටට උදව් කරන ධනවත් බලවත් රටවල් භේදබින්න කරන්න ඔබතුමා නිර්තක උත්සාහයක යෙදෙනවා.
මේක හරිද කියලා ඔබතුමා බලන්න. ඔබතුමාගේ පෞද්ගලික කෝන්තර නිසා මෙවැනි අර්බුද නිර්මණය කිරීමට උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක්”