වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (16දා) පැවති දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ- ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඊට අදාළ චක්‍රලේඛය සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රු.ලක්ෂ 05ක් බැගින් ලබාදී පොල් පැළ තවාන් ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛයද කඩිනමින් නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
දැනට පොල් පැළවල හිඟයක් රට තුළ පැවතීම හේතුවෙන් මෙම තීරණ ගෙන තිබේ. කෙසේ වෙතත් එම කටයුතු වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයට පමණක් වගකීම බාර නොදී සෑම අමාත්‍යාංශයක්ම තමන්ට ලබාදී ඇති මුදල් උපයෝගී කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ සඳහා සහයෝගය පළ කරන ලෙස, මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කර ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.