ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානයේ නායකයා වූ තොල් තිරුමාවලවන් නැමත්තා උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලන ව්‍යාපාර කටයුතු සඳහා සුභ පතමින් සහය දැක්වීමට ඊයේ දින යාපනයේ සංචාරයක නිරත වූහ.
විමුක්ති දිවියා සංවිධානයේ නායකයාගේ යාපනය සංචාරය අතරතුර යාපනය කිට්ටු පාක් උද්‍යානයේ වාර්ෂික පැළ ප්‍රදර්ශන වැඩසටහනකටද සහභාගී විය. මෙම රුක් රෝපණ වැඩසටහනේ විශේෂත්වය වූයේ වැඩසටහනට සහභාගී වූ සී.වී. විග්නේශ්වරන් මහතා ,තොල් තිරුමාවලවන් මහතා ඇතුලු සියලු ආරාධිත අමුත්තන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය ලෙස සැලකෙන නියගලා මලෙහි ලාංඡනයද පැලඳ සහභාගී වීමය.
මෙම අවස්ථාවට එක්වෙමින් තොල් තිරුමාවලවන් මහතා කියා සිටියේ උතුරු දේශපාලන නායකයින් පක්ෂ වශයෙන් බෙදුණද ජනතාවට බලපාන්නාවූ පොදු ප්‍රශ්නයකදී සියලුම අපෙක්ෂකයින් එක්ව කටයුතු කළ යුතු බවටත් ශ්‍රීලංකාවේ වත්මන් දේශපාලන වාතාවරනය පිළිගත නොහැකි බැවින් ඉන්දීය ජනතාව ඒ දෙස බලා සිටින බවත්ය.
මධුශංඛ අමරසිංහ