අභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුථ අමාත්‍යවරුන් තිදෙනකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුථ අමාත්‍යවරුන් තිදෙනකුට එරෙහි නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ඩෙනීස්වරන් මහතා නැවත අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළත් ඒ අනුව ඩෙනීස්වරන් මහතා එම තනතුරේ පිහිටුවීමට කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතාට අමතරව එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්ද සසිදරන් සහ සිගසිවනේෂන් නමැත්තන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.