වීගොඩ සණස සභාපති අත්අඩංගුවට
ගම්පහ වීගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5000කට ආසන්න සංඛ්‍යාවකගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත එහි සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු පදවාගෙන පැමිණි බව කියන සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මක විය.
-
diyon Friday, 19 April 2019 04:16 PM
ස.ණ.ස මුදල් පරිහරණය සම්බන්ද දැනට දිබෙන නීති වලින් මුදල්වලට ආරක්ෂාවක් නැතිනම් වහාම දැඩි නීති පැනවිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
