උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වැනිදා අවසන් වීමට නියමිත බැවින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සිය ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ අනිද්දා (24දා) දෙමළ ජනතා සභාව හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරන බව දෙමළ ජනතා සභාව සඳහන් කරයි.
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නඩරාජා පරමේශ්වරී ශාලාවේදී දෙමළ ජනතා සභාව අනිද්දා (24දා) රැස්වීමට නියමිත අතර, එහිදී දෙමළ ජනතා සභාවේ සමසභාපතීත්වය දරන සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතව ඇතැයිද එම ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දෙමළ දේශපාලන මතයන් හා ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, එහිදී සී.වී. විග්නේශවරන් මහතා සිය ඉදිරි දේශපාලනික ගමන්මග සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් දෙමළ ජනතා සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.