රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා පළාත් පාලන ආයතන ප්‍රධානින්ට වගකීම් රැසක් පැවරෙන බවත් වගකීම් පැහැර හරින පළාත්පාලන ආයතන ප්‍රධානින්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
දඹුල්ල යාපාගම ඒ මහතාගේ නිවසේ අද (20) දින පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.
රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන විශාල කාර්යභාරයක් පළාත්පාලන ආයතන ප්‍රධානින්ට පැවරී තිබෙන බවත් එම වගකීම් නිසි ලෙස ඉටුකරන ලෙස රජය පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානින් පවතින තත්ත්වය තේරුම් නොගෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීම් රැසක් වාර්තා වී තිබෙන බවද එම නිසා ඉදිරියේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.