පරමාණු ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත් එහි සත්‍යතාවක් ඇති බවට හැගී යන්නේ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අද (21දා) අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය මේ බව සඳහන් කර ඇති බවද ඔහු පැවැසීය.
මෙම නැවට ඇතුළුවීමට නාවික හමුදාවට අවස්ථාව නොදෙන බවත් ඔහු පැවැසීය.
මෙම නැව නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් සිටින විට ඇති වූ යාන්ත්‍රික දෝෂයක් මත හම්බන්තොට වරායට පැමිණ තිබේ.
ඊයේ (20දා) මෙසේ නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ.