ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගෙවීගිය දිනයේ තවත් කොවිඩ්-19 මරණ 11ක් සහ ආසාදිතයන් 76ක් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන දැඩි නීතිරීති සහ ආසාදිතයන්ගේ සමීපතමයන් ලුහුබැඳීමේ ක්‍රමවේදය තුළ ආසාදන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට ඔස්ට්‍රේලියානු බලධාරීන්ට හැකිවී තිබේ.
ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට අයත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වන බවද ප්‍රාන්ත බලධාරීන් අවධාරණය කරයි.