වෙළඳපළට සහල් හිඟයක් ඇති විම වැළැක්විම සඳහා තමන් සතු වි සහ සහල් තොග හිඟයකින් තොරව වෙළඳපලට නිකුත් කිරිමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළදුන්ගෙන් සහ තොග රැස්කරගෙන සිටින පිරිස් වෙත දන්වා සිටියි.
එසේ නොවුනහොත් එම අධිකාරිය එම පුද්ගලයින්ට හා ආයතනවලට ඒරෙහිව සොයා බලා උපරිම නීතිය ක්රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිසා එවැනි පිරිස් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 1977 යන දුරකථන අංකය වෙත දන්වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.