මේ වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බව එම දර්ශක අධ්‍යනය කිරීමේදී පැහැදිලි වෙයි. ඔපෙක් මිල දර්ශකය අනුව 2021 ඔක්තෝබර් මස 21 වැනිදා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.11 ක් වූ අතර එය 2021 නොවැම්බර් මස 21 දා වන විට ඇමෙරිකානු ඩොලර් 80.37ක් විය.
සිංගප්පූරු බොරතෙල් මිල දර්ශකය පසුගිය සතිය තුළදී අඩුවී ඇති බව එම දර්ශකය සැලකීමේදී පැහැදිලි වෙයි. දෙසැම්බර් 14දා සිංගප්පූරු දර්ශකය අනුව බොරතෙල් බැරලයක් සිංගප්පූරු ඩොලර් 96.36ක් වූ අතර දෙසැම්බර් 20 වන විට බැරලයක මිල සිංගප්පූරු ඩොලර් 94.65ක් විය.

