ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර සාකච්ඡාවක්
ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර හමුවක් පසුගිය දා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් නගා සිටුවීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. ලෝක බැංකු නියෝජිතවරුන් සඳහන් කළේ දිළිඳුකම පිටු දැකීම සම්බන්ධයෙන් සාර්ථක සහ විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතු බවයි. එය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ද එම නියෝජිත පිරිස සඳහන් කළහ. දරිද්‍රතාව නිර්ණය කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන නිර්ණායකයන් ලොව සෙසු රටවලට සාපේක්ෂව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
කොරෝනා වසංගයත මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ එම නියෝජිත කණ්ඩායම කියා සිටියේ ඒ සඳහා ද පූර්ණ සහය ලබා දෙන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
