දිනකට කැඩිය යුතු තේ දලු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ, ලිඳුල, අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) සවස විරෝධතාවයක නිරත වුහ.
දිනකට තේ දලු කිලෝ 16ක් කැඩිය යුතු වුවත් පැවැති දැඩි නියඟය හේතුවෙන් ප්‍රමාණවත් තේ දලු වතුයායේ නොවැඩීම හේතුවෙන් එම ප්‍රමාණය කැඩීම අසීරුවී ඇති බවත්, එසේ හෙයින් දිනකට කැඩිය යුතු තේ දලු කිලෝ ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවෝ මෙසේ වතුයායේ තේ දලු එකතු කරන මධ්‍යස්ථානය අසලට එක්රැස්ව විරෝධතාවයේ නිරත විණි.
දිනකට නියමිත තේ දලු ප්‍රමාණය නොකැඩීම නිසා තම වැටුප අඩුවෙන් ලැබෙන බවත්, එසේ වැටුප් අඩුවීම නිසා තම පවුල් නඩත්තු කරවීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවද විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පැවසුහ.
