ලිට්රෝ ගෑස් සමාගම විකුණා දැමීමේ මූලාරම්භය ලෙස ගෑස් සිලින්ඩර් පිපිරීම සිදුවන බව අවිවාදයෙන් සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 09 වන දිනය සඳහා ඊයේ(02දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම ගෑස් සිලින්ඩර් පුපුරණ එක පිටුපස වත්මන් ආණ්ඩුව සිටිනවාද යන සැකය මතුවෙන බවත් මෙලෙස කටයුතු කර ලිට්රෝ ගෑස් සමාගම විකුණා දැමීමට මොල 07ක් තිබිය යුතු බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා,
"මම අද අලුත් දෙයක් අනාවරණය කරන්න කැමතියි. ඒ තමයි මේ දවස් ටිකේ දිගටම කතා වෙන ගෑස් ප්රශ්නය. මෙතුමාලගේ නැව් වලින්නේ ගෑස් ගෙනල්ලා බාන්නේ. සමහර අය කියනවා ප්‍රොපෙන් 50ක් දක්වා වැඩි කරලා තිබෙනවා කියලා. ප්‍රොපේන් ඩොලර් 40ක් පමණ වැඩියි. ගෑස් ගේන්න සල්ලි නැති අපි ඇයි මේකට ප්‍රොපේන් 50%ක් ගහ ගන්නේ පුපුරන්න කියලා.
මේ ගෑස් සිලින්ඩර් නිකන් පුපුරන්නේ නෑ. අපි අහලා තියෙනවාද ගෑස් සිලින්ඩර් පුපුරනවා. දැන් කියනවා කරාමෙක ප්‍රශ්යක් තියෙනවා කියලා. ඒකත් නෙවෙයි. මම මේ වාර්තාව සභාගත කරනවා. සැප්තැම්ර්, නොවැම්බර් ඉදලා නැව්වලින් බානකොට තිබුණු සංයුතිය ගැන. ඒ රටෙනුත් බලනවා. මේ රටෙනුත් බලනවා. එහෙනම් එතන වෙන්න බෑ වෙන කොතන හරි සෙල්ලමක් තියෙනවා.
ඊයේ පෙරේදා දැක්කද ලිට්රෝ සමාගම තක්සේරු කිරීමට (Valuation) ටෙන්ඩර් එකක් කැඳවලා තිබෙනවා. එක පැත්තකින් ලිට්රෝ එක විකුණන්න සෙට් වෙනවා. අනිත් පැත්තෙන් ඉල්ලුම අඩු කර ගන්නවා පුපුරණවා කියලා. මිනිස්සු දර වලට යන්න හදනවා. සල්ලි තියෙන මිනිස්සු ඉලෙක්ට්‍රික් වලින් උයනවා.
ගෑස් වලට තියෙන ඉල්ලම අඩු වෙනවා. ඊට වඩා ලොකුම එක තමයි ලිට්රෝ එක ලාභ ලබපු සමාගමක්. තක්සේරු කිරීමක් කරන්නේ හදීසියේ මොකටද? ඒ අනුව ලිට්රෝ එක විකුණන්න පාරක් කපන්නද මේ අපේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වල සිලින්ඩර් පුපුරන්නේ. මේක වෙනමම පැත්තක්. මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. මම හැමදාම කිව්වේ පාස්කුත් එක්ක සෙල්ලම් කරලා ආණ්ඩු ගත්ත මිනිස්සුන්ට මේ ගෑස් සිලින්ඩරයක් පුපුරණ එක මහ ලොකු දෙයක්ද.
මේ ගැන සොයා බලන්න. මම අවිවාදයෙන් කියනවා ලිට්රෝ සමාගම විකුණන්න විශාල ගේමක මුල් ආරම්භයක් තමයි ගෑස් සිලින්ඩර් පුපුරන්නේ. මම කියන එකේ කරුණක් තිබෙනවා. මොකද ලිට්රෝ එක ප්‍රොකියුමන්ට් කරලා ටෙන්ඩරයක් දාලා තියෙන්නේ මේ හදීසියේ.
ගෑස් පුපුරණකොට ගෑස් වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. සල්ලි තියෙන මිනිහා ඉලෙක්ට්‍රික් වලට යනවා. අනික් මිනිහා දර ලිපට යනවා. ගෑස් වලට ගෙවන්න ඔ්නී ප්‍රමාණය අඩු වෙනවා. අපි හිතුවට ඇත්තටම මොල හතේ බඩු තමයි. මොල 7ක්ම තියෙන්න ඔ්නී මේ වගේ ගේමක් ගහලා ලිට්රෝ එක විකුණන්න. ඒ අනුව ගෑස් සිලින්ඩර් පුපුරණ එක පිටුපස මේ ආණ්ඩුව ඉන්නවද කියන සැකය අපිට මතු වෙනවා." යනුවෙන්ද සඳහන් කළේය.
