කිලෝ ග්රෑම් 12.5 ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200 කින් ඉහළ දැමිය යුතු බව ලිට්රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි. නැව් හා රක්ෂණ ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් එකතු වූ විට වියදම පමණක් පියවා ගැනීමට 12.5 ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,800 කට අලෙවි කළ යුතු බවයි ඔවුන් සඳහන් කර සිටියි.