ලාෆ් සමාගම ගෘහස්ත ගෑස් වෙළඳපොළට නිකුත් නොරන්නේ නම් පාරිභෝගිකයන් එම ගෑස් සිලින්ඩර ලබාගැනීම වෙනුවෙන් ගෙවූ තැන්පත් මුදල් ආපසු පාරිභොගිකයන් වෙත ගෙවීමට කටයුතු කරන්නැය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා මේ බව සඳහන් කරයි.
“සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගකියින් අසාධාරණයට පත්ව ඇත. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගකියින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත සමාගම වෙත ලබාගෙන පාරිභෝගකියින් ගෘහස්ත ගෑස් සිළින්ඩර සදහා තැන්පත් කල මුදල් නැවත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභොග්කියින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට නොහැකි බවත් ඔබතුමාවෙත කරුණාවෙන් දැනුම් දෙමු.
තවද අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිල්පාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් වන බවද සදහන් කරමු.”