කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස ලොස් ඇන්ජලීස් පාලනාධිකාරිය සඳහන් කරයි.
ඇමෙරිකාවේ දෙවැනි විශාම නගරය වන ලොස් ඇන්ජලීස්හි නගරාධිපති එරික් ගාර්සෙටී සඳහන් කළේ අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් වහාම නවතා දමන ලෙසයි.
“අපි වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නවා. අත්‍යාවශ්‍ය නොවන සිල්ලර වෙළඳාම නවතා දමනවා.” යැයි නගරාධිපති පැවැසීය.