ලංකා විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ රියදුරෙකු වූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් කුරේෂ් මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරු වී මියගොස් ඇත.
මේ පිළිබදව විශේෂ අවධානයක් යොමුකළ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මරණය සිදුවී පැය කිහිපයක් ඇතුලත දුරකතනයෙන් එම සේවක මහතාගේ පවුලේ ඥාතීන් අමතමින් සිය ශෝකය පළකල අතර ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිළිබදවද විමසීමක් සිදුකර තිබේ.
ඒ අනුව මියගිය සේවක මහතාගේ පවුලේ අනාගත ශුභසිද්ධිය වෙනුවෙන් මේ වනවිට තීරණය කර ඇති පරිදි යැපෙන්නන් වෙනුවෙන් ලබාදිය යුතු සියලු දීමනා ලබාදීම කඩිනම් කරන ලෙස අදාළ අංශ දැනුවත් කළ අතර ඒ මහතාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
මොහොමඩ් කුරේෂ් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයට එක්වී වසර 20 කි. මියයන විට 40 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.